අද වන විට ලෝකයේ ජීවත්වන සියලු ම ජනයා වැඩි කැමැත්තක් දක්වන, හරිත වර්ණය ඇස ගැටෙන, පරිසර හිතකාමී අන්දමින් නිර්මාණය කළ ලොව හොඳ ම පරිසරහිතකාමී හෝටල් සහ නිවාඩු නිකේතන දහය අතර ශ්‍රී ලංකාවේ පිහිටි කණ්ඩලම හෝටලය ද එක්ව තිබේ. මේ එම හෝටල් දහයයි.
01. සොනීවා ෆුෂි රිසෝට් ඇන්ඩ් සික්ස් සෙන්සස් ස්පා
මේ නිවාඩු නිකේතනය පිහිටා ඇත්තේ මාලදිවයිනේ ය. මේ නිවාඩු නිකේතනය පාරම්පරික සුන්දරත්වය මැනවින් ඉස්මතු වන ආකාරයට නිමවා ඇත. පෙම් යුවළ සඳහා ද සුවිශේෂී වේ. අවට පරිසරයට මනාව නිරාවරණයවී පවතින මේ ස්ථානය තුළ, සුදු වැලිවලින් සමන්විත වෙරළ තීරය, නිල් පැහැති ජලයෙන් යුක්ත මුහුද ඉතාමත් චිත්තාකර්ෂණීය ලෙස දිස් වේ. රසවත් වයින් වර්ග, නවීන මෙන් ම සුවිශේෂී ආහාර පාන වර්ග, රූපලාවණ්‍ය සත්කාරක ක්‍රම මෙන් ම සංචාරක ආකර්ෂණය ලද සුවිශේෂී ස්ථානයක් ලෙස ද මේ නිවාඩු නිකේතනය ලෝකයේ ප්රකටව ඇත.
02. ලොජ් ඇම් සන් රැන්ඩි මොන්ටානා
අමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානාහි පිහිටි මේ හෝටලය තුළ පවත්නා ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම කෙරෙහි ලෝක බලවතුන්ගේ ප්‍රසංශාව ද හිමිව ඇත. ඊට අමතරව කඳු ආශ්‍රිතව සිදු කරන ක්‍රීඩා මෙන් ම වෙනත් විනෝදාංශවලට ද මේ හෝටලය සුප්‍රසිද්ධ ය. ස්වභාව සෞන්දර්යයට මුල් තැන දී ඇති සුවිශේෂී හෝටලයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.
03. ෂර්ගා ටෙන්ටඩ් කෑම්ප්, කන්හා ටයිගර් රිසව්
මේ නිවාඩු නිකේතනය පිහිටා ඇත්තේ ඉන්දියාවේ කන්හා ටයිගර් අද්දරයි. මෙය ප්‍රසිද්ධියක් උසුලන්නේ, කඳවුරු ආශ්‍රිතව පිහිටා තිබීමත්, ගොඩබිම මත බයිසිකල් ධාවනය සඳහා හැඩගැහුණු වටපිටාවකින් යුක්ත වීමත් නිසා ය. මෙහි තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ පඳුරු මත සැඟ වී සිටින සිංහයකු විසින් සතකු දඩයම් කරමින් සිටින ආකාරය දැක්වෙන අනුරුවක් තිබීම නිසා ය.
04. ස්පයින් අයිලන්ඩ් බීම් රිසෝට්
නිල් පැහැති ජලය ඉතා මනස්කාන්ත අයුරින් දැකබලා ගත හැකි අන්දමට, ස්වභාවික පරිසරයට ඈඳා ගනිමින් මේ නිකේතනයෙහි කාමර සැලසුම් කර ඇත.
05.සිවා ඔසිස් ඇඩ්රෙරේ අමෙල්ලා
මේ නිවාඩු නිකේතනය පිහිටා ඇත්තේ මුහුදු වෙරළ ආශ්‍රිතවය. මේ නිවාඩු නිකේතනය ද මුළුමනින්ම ස්වභාවික පරිසරය හා බැඳී තිබේ.
06. ජීන් - මිෂෙල් කොස්ටේ ෆිජී අයිලන්ඩ්ස් රිසෝට්
මේ නිවාඩු නිකේතනය පිහිටා ඇත්තේ අයිස්ලන්තයේ පොල් වගාවක් ආශ්‍රය කර ගෙන ය. විවාහපත් යුවළවල්, තම කාලය නිදහසේ ගත කිරීමට මේ ස්ථානයට පැමිණෙයි. මුහුද යට කිමිදීම හා පිහිනීම සඳහා ද මෙය ප්‍රසිද්ධියක් උසුලයි. මේ නිවාඩු නිකේතනයට 2008 වර්ෂයේදී ඔස්ට්රාලා සීආස් ලීඩින් ග්‍රීන් හොටෙල් වර්ල්ඩ් ට්‍රැවල් සම්මානය හිමිව තිබේ.
07. ඩෙන්ට්රී රේන්ෆොර්ස් එකෝ ලොජ් ඇන්ඩ් ස්පා
ඔස්ට්‍රේලියාවේ පිහිටි මේ නිවාඩු නිකේතනය, වැසි වනාන්තරක් ආශ්‍රය කරගෙන මුළුමනින්ම නිර්මාණය වී ඇත. වැසි වනාන්තරය තුළ මිනිසාට අවශ්‍ය සෑම පහසුකමක්ම මේ නිවාඩු නිකේතනයෙහි දැක ගැනීමට පුළුවන. පරිසරයේ අමුද්‍රවය යොදාගෙන නිර්මාණය කර ඇති මෙය, ඔස්ට්‍රේලියාවේ ජීවත්වන පෙම්වතුන්ගේ පාරාදීසයක් ලෙසය ද ප්‍රසිද්ධ ය.
08. වයිට්පෝඩ්
ස්විට්සර්ලන්තයේ පිහිටා ඇති, හිමවලින් නිර්මාණය කළ විස්මයජනක නිවාඩු නිකේතනයකි. අපූර්වත්වයක් කැටි වූ මේ ස්ථානය, මිනිසුන් මවිතයට පත් කිරීමට සමත් ය. නිවාඩු නිකේතනය නිර්මාණය කිරීමේදී සූර්ය බලශක්තිය භාවිත කර ඇත. හිම භාවිත කර ඇත්තේ මැජික් එකක් ලෙස ය. ඉතාමත් සුඛෝපභෝගීව නිර්මාණය කර ඇති මේ ස්ථානය, ස්වභාවික හරිත පරිසර පද්ධතියට අනුගතව නිර්මාණය කර තිබේ. ස්විස්ටර්ලන්තයේ පිහිටි චාම් අයුරින් නිර්මාණය කර ඇති ස්ථාන අතර මේ නිවාඩු නිකේතනය ප්‍රමුඛස්ථානයේ සිටී.
09. චුම්බෙ අයිලන්ඩ් කොරල් පාර්ක් - ටැන්සානියා
මෙය ඉතා සුවිශේෂී වූ ලෝ ප්‍රකට නිවාඩු නිකේතනයකි. කොරල්පරවල ඇති අලංකාර බව හොඳින් බලා රසවිඳිය හැකි ස්ථානයක් ලෙස ද මෙය ප්‍රකට ය. තමන්ට අවශ්‍ය සියලු පහසුකම් මනාව සපයන මේ නිවාඩු නිකේතනයෙහි, හරිත පරිසරය මනාව ඉස්මතුකර දක්වයි. නවීන තාක්ෂණය උපයෝගී කර ගත්තත්, ස්වභාවික පරිසරයට කිසිදු හානියක් නොවන ලෙස නිමවු, නිවාඩු නිකේතනවලින් එකක් ලෙස ද මෙය හඳුන්වන්න පුළුවන්.
10. කණ්ඩලම හෝටලය
පරිසර හිතකාමී සංකල්පය මත ස්ථාපිත ශ්‍රී ලංකාවේ හෝටලයක් වන කණ්ඩලම හෝලය, දෙස් විදෙස් සංචාරකයන්ට තෝතැන්නකි. ජාත්‍යන්තර මට්ටමින් ද ඉදිරියෙන් සිටින කණ්ඩලම, ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණයකි. මෙහිදී , ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර, ඇතුන් සමඟ සංචාර ආදී බොහෝ දේ දැකබලා විඳ ගැනීමටත්, ක්‍රීඩාවල නිරත වීමටත් හැකි පරිදි නිමවා ඇත.
මනසට සුවය සලසාදෙන අයුරින් නිර්මාණය කර ඇති මේ හෝටලය වටා පිහිටා ඇත්තේ හරිත ගස්කොළන් සහ වැවයි.
අන්තර්ජාලය ඇසුරිනි
මදාරා මුදලිගේ
Home
»
featured
»
ලොව වටා
»
සංචාරක. Traveling
» ලොව හොඳම පරිසර හිතකාමී හෝටල් දහය අතරට කණ්ඩලම හෝටලයත්
Subscribe to:
Post Comments (Atom)
Post a Comment