ජගත් වික්‍රමසිංහට බරටම වැඩ ලු........
ජගත් වික්‍රමසිංහ මේ දවස්වල සංගීත නිර්මාණ ගණනාවකින්ම අප නෙතුමානයට පැමිණෙනවා. ප්‍රවීණ ගායන ශිල්පියෙක්,සංගීතවේදියෙක් වගේම ජගත් ආදරණීය සැමියෙක් එමතු නොව පියෙක් ලෙසත් වගකීම් රැසක් ඉටුකරනවා. සංගීත දිවියේ කොතරම් කාර්ය බහුල වුණත් ඔහු තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න අමතක කරන්නේ නැහැ. ජගත් - ගයනි සොඳුරු කැදැල්ලේ අලුත්ම තොරතුරු දැනගන්න අප ඔවුන්ගේ කැදැල්ලට ගොඩවැදුණා.
මේ දවස්වල සංගීත නිර්මණ කටයුතු එක්ක ජගත් තරමක් කාර්ය බහුලයි වගේ?
මේ දවස්වල මගේ ගීත වගේම වෙනත් අයගේ ගීත සහ සංගීත නිර්මාණ කිහිපයක්ම වෙනුවෙන් වෙහෙසුණා. ඒ අතර මගේ වගේම මගේ ගෝලයන් වෙනුවෙන් සංගීතය සැපයූ මේ දිනවල ප්‍රචාරය වෙන ගීත කිහිපයක් ගැන හුඟාක් රසිකයන්ගේ කතා බහට ලක් වෙන බව පෙනෙනවා. ඒ වගේම සංගීත වැඩසටහන් කීපයක් වෙනුවෙනුත් මම දායක වුණා.
පසුගිය දවස්වල පිටරට සංචාර කිහිපයකටම එක් වුණා නේද?
ඔව්.නිදහස් උළෙලත් එක්ක එයට සමගාමීව පැවැත් වූ වැඩසටහන් රැසකටම මම දායක වුණා. ඒ අතර දෝහා කටාර්, ජපානය යන රටවල සංචාර වෙනුවෙන් එක් වුණා.
ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඒ රටවල රසිකයන්ගෙන් හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔවුන් අපේ ගීත ගැන කතා කරන්නේ ඉතාම සතුටින්. ඔවුන්ට අපිව දැකීමත් සතුටක්.
මේ විදිහට කාර්යබහුල දිවියක් ගත කරන විට ගෙදර රැදෙන්න වෙලාවක් තියෙනවද?
ගෙදර වැඩකටයුතු අතපසු නොවන පරිදි සියල්ල හදාගෙන තමයි කටයුතු කරන්නේ. බිරිඳගේ සහ දරුවන්ගේ කටයුතුවලටත් කාලය වෙන් කරනවාමයි. ගොඩක්වෙලාවට දරුවන්ගේ සියලු වැඩ කටයුතු සිදු වන්නේ අපි දෙන්නගේ අතින්. ඊට අමතරව ගයනි ගුරුවරියක ලෙස සේවය කරන නිසා මගේ වැඩ කටයුතුවලට වගේම දරුවන්ගේ වැඩකටයුතුවලට ලොකු පහසුවක් තිබෙනවා.
කොහොමත් මම රැල්ලට සංගීතය කරන කලාකරුවෙක් නෙමෙයි. තෝරලා බේරලා හොඳ නිර්මාණවලට තමයි මම දායක වෙන්නේ. මට යමක් කරන්න පුළුවන් නිර්මාණවලට සහ රසිකයාට යම් සාධාරණයක් වෙන නිර්මාණවලට තමයි මම මුල් තැන දෙන්නේ.
ගයනිගෙන් ඔබට ලැබෙන සහයෝගය මොන වගේද?
මගේ හැම නිර්මාණයක් වගේම රසවිදින්න ඇයට හැකියාව ලැබෙනවා. ඇය බිරියක්,මවක්,ගුරුවරියක් විදිහට ඒ දේවල් දිහා බලා ඇගේ අදහස් විවේචන ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම විවිධ සාකච්ජාවලදී මම නොදකින පැති ඇය පෙන්වා දෙනවා. මම ඒවාට හොඳින් ඇහුම්කන් දෙනවා. ඒවායින් මට බොහෝ ප්‍රයෝජන අත්වන අවස්ථා තිබෙනවා.
දැන් දූ පුතුන් තරමක් ලොකුයි නේද?
ඔව්. පුතා තමයි වැඩිමලා. තිදස් වික්‍රමසිංහ. දැන් අවුරුදු 14යි. කොළඹ රාජකීය විදුහලේ ඉගෙන ගන්නවා. දුව සිරිනි වික්‍රමසිංහ. තවම අවුරුදු 12යි. ඇයත් කොළඹ විශාකා විදුහලේ ඉගෙන ගන්නවා. පොඩි දුවට 8යි. ඇය අසිනි වික්‍රමසිංහ.ඇයත් කොළඹ විශාකා විදුහලේ ඉගෙන ගන්නවා.
දූ පුතුන් කලාවට දක්ෂද?
හැමදේටම වගේ දක්ෂයි. චිත්‍ර අදින්න ගොඩක් දක්ෂයි. පුතා නම් ඉලෙක්ට්‍රෝනික් වැඩවලට දක්ෂයි. දරුවන් තිදෙනාම සංගීතය හදාරනවා. රසවිදිනවා. ඒ ගැන කතා කරනවා.
විවේකයක් ලැබුණොත් පවුල පිටින්ම ඇවිදින යන්නෙ නැත්ද?
මොකද නැත්තේ. පොඩි නිවාඩුවක් ලැබුණොත් පවුල පිටින්ම කෑමකට වගේ එළියට යනවා. ලොකු නිවාඩුවක් ලැබුණොත් පවුල පිටින්ම මාතලේ, නුවර යනවා. දරුවන්ට නම් මාතලේ යනවා කිව්වම වෙන වැඩක් නම් නැහැ.
දැන ගත්ත මොහොතේ ඉදන්ම එහෙ යන්න සූදානම් වෙනවා. කොහොමත් දිග නිවාඩුවක් හම්බ වුණ ගමන් අපි පස්දෙනා කොහේ හරි නිස්කලංක ප්‍රදේශයක ඇවිදින්න යන්න තමයි කැමැති. දෙන්නම රැකියාවන්වල යෙදෙන නිසා තරමක් කාර්යබහුලයි. ගොඩක් වෙලාවට අපි යන්නේ ස්වභාව ධර්මය අනූන නිස්කලංක පරිසරයක් තියෙන තැනකට තමයි. අපි ජීවත් වෙන්නේ සංගීත පරිසරයත් එක්ක බද්ධ වෙලා. එය මානසිකව සිතට ලොකු සහනයක් වෙනවා.
ගයනි ගැන ඔබගේ අදහස දැන ගන්න කැමැතියි?
ගයනි කියන්නේ මගේ ජීවිතේ වර්ණවත් කරන්නිය කිව්වොත් හරි. ඇය බිරියක මවක ගුරුවරියක ලෙස කරන සේවය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඇය හරිම සමාජශීලී කාන්තාවක්. හරි සමබර චාම් කෙනෙක්. ඇය පසුගියදා ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. ඒ ජනමාධ්‍යවේදය ඔස්සේයි. ඇය තවදුරටත් ඉගෙනුම ලබනවා. ඇය උගත් කාන්තාවක් නිසා ඇගේ ඉගෙනුම මටත් දරුවන්ටත් මේ සමාජයටත් යහපතක් ආශිර්වාදයක් ලෙස මම දකිනවා.
ගෙදර වැඩ කටයුතුවලට ජගත්ගෙන් ලොකු සහයක් ලැබෙනවා ඇති? මම ඊළඟ ප්රශ්නය යොමු කළේ ගයනිටයි.
ජගත් හොඳ සැමියෙක් වගේම හොඳ තාත්ත කෙනෙක්. ඒවගේම එයා මම දකින විදිහට රටටම සම්පතක්. එයා හරිම සැළැසුම් සහගතයි. එයා වෙලාවට වැඩ කරන කෙනෙක්. යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටුකරන සැමියෙක්.
ජගත් ගැන මොකද හිතන්නේ?
මට ඔහු ගැන හරි සතුටුයි. වෘත්තීය නිවැරැදිව කරන කලාකරුවෙක් ලෙසත් ඔහු තුළ ඇති දක්ෂතාවය ගැනත් මම නිහතමානීව ආඩම්බර වෙනවා.
රැකියාවයි ගෙදර වගකීමුයි එකට ඉටු කරන එක ලෙහෙසිද?
මම වෘත්තියෙන් ගුරුවරියක් ලෙසයි කටයුතු කරන්නේ. හැමදේම සමබරව ගෙන යන්න මට ජගත්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක පුළුවන්.
එතකොට ඉව්ම් පිහිමු කටයුතුවලට?
මට අත් උදව්වට කෙනෙක් ඉන්නවා. ඒ වගේම ජගත් හරිම ලොකු සහයෝගයක් මටත් දරුවන්ටත් ලබාදෙනවා. මට රසට උයන්න පුළුවන්.
හැබැයි ඒත් අත්උදව්වට කෙනෙක් ඉන්න නිසා ගෙදර ඉවුම් පිහුම් කටයුතු සිද්ධ වෙන්නේ එයා අතින් තමයි. ජගත් නම් වැඩියෙන්ම කැමති ගමේ කෑම බීමවලට තමයි. ඒ වුණත් වර්ග කිරීමකින් තොරව අපි කෑම බීම ගන්නවා.
අනාගත බලාපොරොත්තු?
අපේ දරුවන් හොඳ පුරවැසියන් කරන එක තමයි අපි දෙදෙනාටම තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම අපේ කලා කටයුතු සාර්ථකව කරගෙන ඉදිරියටත් සතුටින් ඉන්නයි අදහස.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
ගත්තේ මෙතැනින් http://silumina.lk/2016/02/28/_art.asp?fn=av1602286
Post a Comment