බොහෝ සුනිල් ලා අතර ඒ ‘සුනිල්’ අපිට දැනෙන්නේ ඒ ‘අපේ සුනිල් අයියා’ නිසා ය.
මරණ වරෙන්තුව අතින් ගෙන දවස සැරූ කාලයේ පවා කන්නට, බෙන්නට දී, එමතු ද නොව ජීවිතය රකින්නට පවා දහසක් දෙනා ඔහු වෙනුවෙන් වූයේ ඔහු ‘අපේ සුනිල් අයියා’ නිසා ය.
සුනිල් අයියා ළඟින්, සුනිල් අයියාගේ සළකුණ වූ දෙදෙනෙක් මෑතක් වනතුරුම සුනිල් අයියා සමග වි ය. සුනිල් මතක් වන විට නිතැතින් ම මතක් වන අනෙක් දෙක වූ යේ මොවුන් ය. සප‍්‍රාණිකයන් නොවූව ද, සුනිල් අයියා හා විසීමෙන් ඔවුන් සප‍්‍රාණික වූ බව සුනිල් අයියා හා එක් දිනෙක් හෝ ‘සෙට්’ වූ ඕනෑම අයෙක් දනිති.
කතා නොකරන වුන් කතා කරවූ, කඳුළ මෙන් ම සිනහවට ද පාර කියූ ඔවුන් සුනිල් අයියා හා නිරන්තරයෙන් රැුඳී වුන් හ. සුනිල් අයියා හරහා දුක කියවුවේ ද, සුනිල් අයියා ලියූ බොහෝ දෑ වලට මූලාශ‍්‍ර යොසා දුන්නො ද ඔවුන ය. මා දන්නා අන් ඕනෑම අයෙක් පරදවන මේ දෙදෙනා ‘සුනිල් අයියා’ හමුවේ පරාද වි ය. මා මිතුරෙක් මේ ළඟ දී කීවේ ඔවුන් දෙදෙනා සුනිල් අයියා හමුවේ ලැජ්ජා විය යුතු බවයි. කෙසේ වෙතත් මෙපමණකින් හෝ සුනිල් අයියා අපට රැුක දීම ගැන අපි ඔවුන්ට ස්තූති වන්ත ද විය යුතු ය.
සුනිල් අයියා සෙවනේ හැදුනෝ සහ වැඩුනෝ බෙහෝ ය. සුනිල් අයියා ගිය මග සුනිල් අයියා තවම ගිය ද සුනිල් අයියා හා උන්නෝ වෙනත් මං වලින් ගොස් සුනිල් අයියා පසු කර ඇත. නමුදු තවම ඔවුන්ට පාර කියන්නේ සුනිල් අයියා පෙන්නූ මං ළකුණු බව ඔවුන් ට අමතක වී ඇත්තා සේ ය.
සුනිල් අයියා තවම අර ළබැඳි මදහස පායි. ඒ සිනහව පිටුපස ඇති කතාව වටහාගෙන ඇත්තේ කවුරුදැයි වටහා ගන්නට බල කරන ඒ සිනහව දකින්නට, සුනිල් අයියා විඳින්නට, අපට තවමත් සුනිල් අයියාව මතක ඇති බව සුනිල් අයියා ට ම කියන්නට,
මාර්තු 10 දා සවස 2.00ට මහජන පුස්ථකාලයට එන්න.....
එදිනට ඒ දෑසින් ගලන කඳුළු ගලන්නේ ඔබ වෙනුවෙනි. ඒ කඳුළු පිසින්නට නොව, ඒ කඳුළ ස්පර්ශ කරන්නට එන්න.
ඒ ‘අපේ සුනිල් අයියා’ වෙනුවෙන්...........
මුහුණු පොතේ සද් කාර්යයකි
Subscribe to:
Post Comments (Atom)
Post a Comment