728x90 AdSpace

 

“තොප්පිය හරි නම් දාගන්න” කියලා අපි නිතර දෙවේලේ කිව්වත් තොප්පිවලටම වෙන් වුණු කෞතුකාගාරයක් තියෙන බව නම් දන්නේ නැහැ නේද? මේ සුවිශේෂ කෞතුකාගාරය තියෙන්නේ එංගලන්තයේ ස්ටෝක්පෝට් නම් නගරයේ.

අතීතයේදී එංගලන්තයේ ඉතා දියුණු තත්ත්වයක පැවතුණු තොප්පි කර්මාන්තයේ විවිධ අවස්ථා පෙන්නුම් කරන ප්‍රදර්ශන භාණ්ඩ රැසක් මෙහි දක්නට තිබෙනවා. ඒ ඒ කාලවලදී තොප්පි නිෂ්පාදනය කිරීමට යොදාගත් යන්ත්‍ර සූත්‍ර හා විවිධ උපකරණත් මීට ඇතුළත්.
මීට අමතරව ලොව වටා රටවල්වලින් ඒ ඒ රටවලට ආවේනික වූ විවිධ වර්ගයේ තොප්පි 400ක් පමණත් මෙහි ප්‍රදර්ශනය කර තිබෙනවා. ඉතිහාසයේ විශේෂ තැනක් හිමිකර ගත් වික්ටෝරියා රැජින, වෙලින්ටන්හි ආදිපාදවරයා වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් හිස් වැසුම් පවා මෙහි දකින්නට පුළුවන්.

එහි පැමිණෙන අමුත්තන්ට මෙහිදී තොප්පි කර්මාන්තයේ ඉතිහාසය, තොප්පි නිෂ්පානයේ විවිධ අවස්ථා ආදිය ගැන කෙටි චිත්‍රපටි පවා නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඉතින්, ලොවේ දස අතින් පැමිණෙන මෝස්‌තර නිර්මාණ ශිල්පීන්, ඉතිහාසය හදාරන්නන්, නිර්මාණ ශිල්පය හදාරන සිසුන්, සංචාරකයන් ආදීන් ගෙන් මෙම කෞතුකාගාරය නිතරම පිරී පැවතීම පුදුමයක් නොවෙයි නේද?

මලිති විජේසේකර

Post a Comment

 
Top