අද මේ ඉසව්වට පිටස්තරයෙකුට යා නොහැකි තරම්ය. එක් මොහොතකට වාහනයක් නැවැත්වුවහොත් ඔවුන්ගේ දැඩි ප්‍රශ්නකීරීම්වලට ලක්වන්නට සිදුවේ. ඇතැම් විට එය අනාගතයේ ජීවිතයෙන් වන්දි ගෙවීමක් වීමට ද බොහෝ විට ඉඩ ඇත. අපි ද ඒ අවදානම වින්දෙමු.
කෙසේ හෝ අවදානම නොතකා දින එක හමාරක් තිස්සේ මේ රාක්ෂයන්ට කට්ටි පනිමින් අප ඩ්‍රෝන් කැමරාව හරහා ලබගත් දසුන්ය මේ විඩීයෝවෙන් ඔබ දකින්නේ.
ජරාජීර්ණ වූ දේශපාලනයේ වාසි ගන්නට එදා මෙදා දේසපාලුවන් තම බූදලයන් සේ සිතා මේ වනපෙත වනසා ජනාවාස හදාගන්නට පිඹුරුපත් සකස් කොට ඇත. අනාගත මහව්‍යසනයක පෙරනිමිතියි මේ.
රක්ෂිතකය ගසක් කැපීම මතු නොව වන පෙතට පා තැබීමම දඬුවම් ලබන වරදක්වන කාලයක මේ මහා වන විනාශය සිදුවන්නේ කොහොමද? මේ පිළිබඳ වග කියන රාජ්‍ය නිලධාරීන් විලංගු දාලාද? එසේත් නොමැතිනම් ඔවුන් වගකීම් පැහැර හැරියා සේ අධිකරණයකට යා නොහැකිද? නොඑසේ නම් ඔවුන්ව දේශපානය මගින් නිහඩ කරවලා ද? ජූරිය ඔබයි.
බලන්න විනාඩි පහක් වැයකොට මේ විඩියෝව. යුටියුබය ඔස්සේ නරඹන්නේ නම් මෙතැනින් පිවිසෙන්න
නැතිනම් මෙතැනින් නරඹන්න. ජාතික යුතුකමක් සේ දැනේ නම් මේගැන ජනතාව දැනුවත් කරන්න.
Post a Comment