‘දිනමිණ හා හාපුරා කියා පුවත්පතක මගේ නිර්මාණයක් පළවූයේ නවසිය හැට ගණන් ආරම්භයේ
සිළුමිණ කමලා ළමා සමාජයේ ය. සඳ පහන් රැයක් නම් වූ එය ඉතා කෙටි රචනාවක් විය. තනි
තීරුවක පළ වූ රචනාව යටින් ඒ.පී.ජී. බුද්ධදාස – සාන්ත සර්වේෂස් විද්‍යාලය, මාතර
යනුවෙන් ද පළවී තිබෙණු දුටු මසිත උපන් සතුට පාසල් සිසුවකු ලෙස මා ලද ඉහළම සතුට
විණියැයි අද සිතේ.
ඒ සතුට හැටේ දශකයේ දීම යළිත් වරක් දෙගුණ තෙගුණ වී දැනුණේ නවසිය හැටහතේ දෙසැම්බරයේ ය.ඒ මගේ ප්‍රථම කාව්‍ය නිර්මාණය ‘දිනමිණ’ පුවත්පතෙහි කවි පිටුවක පළ වී තිබෙණු දැක්මෙනි. දිනය 1966, දෙසැම්බර් පස්වන සඳුදායි. කාව්‍ය නිර්මාණය ‘හද පිපිමල’ යනුවෙන් මා විසින් නම් කොට තිබිණ. ගංගොඩවිල, ඒ.පී.ජී. බුද්ධදාස යනුවෙන් මගේ නම සඳහන් වී තිබුණේ එතෙක් මා බුද්ධදාස ගලප්පතිති ලෙස භාවිතා කිරීමට පටන් නොගෙන සිටි බැවිනි.
පාසල් සිසුවකු ලෙස සිළුමිණ කමලා ළමා සමාජයෙන් පුවත් පතක මුද්‍රිත පිටුවකට එක් වූ මගේ නම, ප්‍රථම වරට කවියකු ලෙස ‘දිනමිණ’ හඳුන්වා දී තිබුණු අවස්ථාවේ සරසවි සිසුවකුගේ නමක් බවට පත්ව තිබිණ. එදා නවසිය හැට හයේ දෙසැම්බරයේ දී ‘දිනමිණෙ’හි පළ වූ “හද පිපි මල” සමඟ පිපුණු කවි කැකුල, දශක පහකට ආසන්න කාලයක් පුරා කවි මලක් ලෙස පිපෙමින් පවතිනු දැනෙන මා හට ‘ දිනමිණ’ පුවත්පත කෙසේ නම් අමතක කළ හැකි වේද ? ‘දිනමිණ’ හි කර්තෘ තුමා හෝ කිසිදු කර්තෘ මණ්ඩල සාමාජිකයකු හෝ හඳුනා නොගෙන සිටි මා වැනි ආධුනිකයෙකු ගේ නිර්මාණයක් පළ වූයේ, ඔවුන් විසින් එම නිර්මාණයෙහි කිසියම් හෝ ගුණයක් හඳුනාගෙන තිබූ නිසා වන්නට ඇතැයි මට සිතේ. එබැවින් ශත සංවත්සරය සමරන ‘දිනමිණ’ ට වසර හතළිස් තුනකට පසුව වුව මෙලෙස කෘතවේදීත්වය පළ කරන්නට ලැබීම භාග්‍යයක් සේ සලකමි.
දිනමිණ සෑම කල්හිම නිර්මාණශීලී නවක තරුණ තරුණියන් සඳහා කැපවී කටයුතු කළ දිනපතා පුවත්පතක් වී යයි මටසිතේ. නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා විශේෂ පිටුවක්, සාහිත්‍යය සඳහා පිටුවක් ග්‍රන්ථ විචාර, නාට්‍ය හා චිත්‍රපට විචාරය සඳහා වෙන් වූ පිටු අතීත ‘දිනමිණෙ’හි අප වඩාත් සිත් ගත් විශේෂාංග සේ සිහිපත් කරමි. ජයවිලාල් විලේගොඩ ගේ චිත්‍රපට විචාරය ඩී.බී.කුරුප්පුගේ නාට්‍ය විචාරය අපට තවමත් මතකය. කාලානුරූපව ‘දිනමිණ’ තම පුවත්පත් කලාව වෙනස් කළ බවද අපට සිහිපත් කළ හැකිය. පෙරමුණේ තිලක, මෙරට පුවත්පත් කලාවේදීන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකි.
ඔහු රසවාහිනී සඟරාවේ ප්‍රධාන සංස්කාරක ධූරය දැරූ අවධියෙහි (හැත්තෑව දශකයෙහි) සඟරාව විසින් මාසිකව පවත්වනු ලබන ආධුනික කාව්‍ය තරග විනිශ්චයක් සඳහා තිදෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් සඳහා මමද ඇතුළත්ව සිටියෙමි. අනෙක් දෙදෙනා වූයේ මොනිකා රුවන්පතිරණ කිවිඳිය හා සුනිල් ආරියරත්නයි’ අප තිදෙනා පෙරමුණේ තිලක මහතා සමඟ සම්බන්ධ කරන ලද්දේ තරුණ නිර්මාණකරුවන්ගේ ශක්‍යතා, දක්ෂතා ඉවෙන් මෙන් හඳුනාගෙන ඔවුනට නිරතුරුවම අතහිත දුන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේය. ගමගේ අයියාගෙන් පෙරමුණේ තිලක මා හඳුනාගත්තේ එලෙසය. ඉතා කෙටි කාලයක් තුළ පෙරමුණේ තිලක මහතා හා මා අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගිණ. ඔහු ඉතා අපූරු චරිතයකින් හෙබි කරුණාවන්ත, නිහතමානී පුද්ගලයෙකැයි මට සිතිණි.

එදා හැටේ දශකයේ දී දිනමිණෙහි , සාහිත්‍ය කලා හා නිර්මාණ පිටු සමඟ බැඳුණු සමීප
සම්බන්ධය අද දක්වාමනොබිඳී පවත්නා නිසා විය යුතුය. මා හට මෙවැනි මතක සටහනක් ලිවීම
සඳහා ආරාධනයක් ලැබෙන්නේ යයි මම සිතමි. ‘දිනමිණෙ’හි ප්‍රධාන කර්තෘ පුටුව වරින්වර
වෙනස් වුණද, කර්තෘ මණ්ඩල සාමාජිකත්වය වෙනස් වුණද දිනමිණ හා බැඳුණු බැඳීම අදත් ළංව
පවතින්නේ දිනමිණ කෙරෙහි එදා උපන් භක්තිය නිසාම යයි මට සිතේ.
දිනමිණ සෑම කල්හිම නිර්මාණශීලී නවක තරුණ තරුණියන් සඳහා කැපවී කටයුතු කළ දිනපතා පුවත්පතක් වී යයි මටසිතේ. නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා විශේෂ පිටුවක්, සාහිත්‍යය සඳහා පිටුවක් ග්‍රන්ථ විචාර, නාට්‍ය හා චිත්‍රපට විචාරය සඳහා වෙන් වූ පිටු අතීත ‘දිනමිණෙ’හි අප වඩාත් සිත් ගත් විශේෂාංග සේ සිහිපත් කරමි. ජයවිලාල් විලේගොඩ ගේ චිත්‍රපට විචාරය ඩී.බී.කුරුප්පුගේ නාට්‍ය විචාරය අපට තවමත් මතකය. කාලානුරූපව ‘දිනමිණ’ තම පුවත්පත් කලාව වෙනස් කළ බවද අපට සිහිපත් කළ හැකිය. පෙරමුණේ තිලක, මෙරට පුවත්පත් කලාවේදීන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකි.
ඔහු රසවාහිනී සඟරාවේ ප්‍රධාන සංස්කාරක ධූරය දැරූ අවධියෙහි (හැත්තෑව දශකයෙහි) සඟරාව විසින් මාසිකව පවත්වනු ලබන ආධුනික කාව්‍ය තරග විනිශ්චයක් සඳහා තිදෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් සඳහා මමද ඇතුළත්ව සිටියෙමි. අනෙක් දෙදෙනා වූයේ මොනිකා රුවන්පතිරණ කිවිඳිය හා සුනිල් ආරියරත්නයි’ අප තිදෙනා පෙරමුණේ තිලක මහතා සමඟ සම්බන්ධ කරන ලද්දේ තරුණ නිර්මාණකරුවන්ගේ ශක්‍යතා, දක්ෂතා ඉවෙන් මෙන් හඳුනාගෙන ඔවුනට නිරතුරුවම අතහිත දුන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේය. ගමගේ අයියාගෙන් පෙරමුණේ තිලක මා හඳුනාගත්තේ එලෙසය. ඉතා කෙටි කාලයක් තුළ පෙරමුණේ තිලක මහතා හා මා අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගිණ. ඔහු ඉතා අපූරු චරිතයකින් හෙබි කරුණාවන්ත, නිහතමානී පුද්ගලයෙකැයි මට සිතිණි.
ලස්සනයි
ReplyDelete