ෆිජී කණ්ඩායමට එරෙහිව මෙවර ලෝක කුසලාන රගර් තරගමාලාවේ සිය පළමු
ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ‘ඒ’ කාණ්ඩය යටතේ කාඩිෆ්
නුවර පැවැති මේ තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත්තේ ලකුණු 28-13කිනි.
පළමු භාගය නිමාවනවිට ලකුණු 18-3කින් පෙරමුණේ සිටි ඔස්ට්‍රේලියාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් තරගය ජයගනු ඇතැයි විචාරකයන් පළ කළ අනාවැකි බොරුවී ගියේ තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී සටන්කාමී ලෙස තරගයට අවතිර්ණ වූ ෆිජී ක්‍රීඩකයන් ගෝලයක් සහ දඬුවම් පහරක් වාර්තා කරමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම නිසාය. ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ට තරගයේ ජය අත්වූවත් වැඩි ලකුණු සංඛ්‍යාවක පරතරයක් නොතිබූ බැවින් ප්‍රසාද ලකුණ අහිමිවි ගියේය.
තරගයේ 9 වැනි මිනිත්තුවේ දී බර්නාඩ් ෆොලේගේ දඬුවම් පහරින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ඔස්ට්‍රේලියානුවන් අනතුරුව 25 වැනි මිනිත්තුවේ සිට තවත් මිනිත්තු පහක් ඇතුලත ඩේවිඩ් පොකොක් තැබූ විශිෂ්ඨ උත්සාහක දිනුම් ද්විත්වයෙන් ලකුණු සංඛ්‍යාව 15-3ක් ලෙස ඉහළ දමාගත්හ.
ස්කොට්ලන්තය හමුවේ ජපානය පරදී
දකුණු අප්‍රිකාව පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගමාලාවේ පෙරළිකාර ජයක් ලබා කාගෙත් අවධානයට ලක්වූ ආසියානු රගර් ශූරයන් වන ජපානය ලකුණු 45-10කින් පරාජය කිරීමට ස්කොට්ලන්තය සමත්විය.
එංගලන්තයේ ග්ලොස්ටෂයර් ප්‍රාන්තයේ දී ‘බී’ කාණ්ඩය යටතේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 12-7කින් පෙරමුණ ගත් අතර දෙවැනි භාගයේ සිය සටන්කාමීත්වය වැඩි කළ ස්කොට්ලන්තය පිට පිට උත්සාහක දිනුම් 5ක් රැස් කිරීමට සමත්විය. මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණක් ද ලබා ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තයට හැකිවිය.
ප්‍රංශයට පහසු ජයක්
මේ අතර රුමේනියාවට එරෙහිව ලකුණු 38-11ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රංශය සමත්විය. ‘ඩී’ කාණ්ඩයේ තරගයක් ලෙස ලන්ඩනයේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-6කින් පෙරමුණ ගත් ප්‍රංශය තරගයේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණක් ද හිමිකර ගනිමින් ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ පත්විය.
තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ ප්‍රංශයේ සොෆියානේ ගියුටොනීය. ඔහු ප්‍රංශය ලැබූ උත්සාහක දිනුම් 5න් දෙකක්ම එල්ල කරමින් ප්‍රංශයේ ජයග්‍රහණයට උරදුන්නේය.

Post a Comment