728x90 AdSpace

 

දරුවන් මල් වැනිය. මල් කැකුළු තළා පොඩි කර දැමිය හැක්කේ නරුමයන්ට පමණි. එහෙත් එවැනි මිනිස් වෙස් ගත් තිරිසන්නු මේ සමාජයේ සිටිති. ලෝකයේ කොතැනත් මෙවැනි අපරාධ සිදුවෙයි. 

එහෙත් දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ලෝකයේ බොහෝ රටවල් දැඩි අවධානය යොමු කර ඇත. අපේ රටේ නැත්තේද දරුවන් කෙරෙහි තිබිය යුතු ඒඅවධානයයි. මවුපියන්ගේ සිට පාලකයන් දක්වාවූ සියලු දෙනා අපේ දරු පරපුරට අත්ව ඇති ඉරණමට අඩු - වැඩි වශයෙන් වගකිව යුතුය.
කොටදෙණියාව, බඩල්ගම - අකරන්ගහ ප්‍රදේශයේ නිවෙසක නිදි ඇඳේ සිටියදී ඉකුත් 11 වැනිදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සඳෙව්මි නමැති පස්
හැවිරිදි දැරිය ගෙල සිරකර මරා දමා තිබියදී 13 වැනිදා පොලිසියට හමුවී තිබිණි. 

හත් හැවිරිදි සිය සහෝදරයා සහ දෙහැවිරිදි නැඟණිය සමඟ ඇය රාත්‍රියේ නිදාගෙන සිට ඇත්තේ අනාරක්ෂිත ජනේලයක් සහිත කාමරයකය. මවුපියන් නින්දට ගොස් ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාව ගැන එතරම් තැකීමක් නොකරය. 

දරුවන් හදිසි අනතුරුවලට ලක්වීම මේ සමාජයේ සුලබය. ඒ හැරුණු කොට පැහැරගෙන යෑම්, අපයෝජන කිරීම් හා ඝාතන බහුල වෙමින් පවතී. දරුවකු පැහැරගෙන ගොස් ඇති බව දැනගත් විට සංවේදී සිතැත්තෝ කම්පනයට පත්වෙති. 

දරුවා නිරුපද්‍රිතව හමුවේ යැයි සිතති. දරුවා යළි හමුවුවහොත් සතුටු වන්නෝ මළ සිරුර හමුවුවහොත් අපරාධය කළ වුන්ට දෙස් දෙවොල් තබති. දරුවා මරා දැමීමට පෙර අපයෝජනය කර ඇත්නම් ඔවුන්ට ශාප කරති.

Post a Comment

 
Top