දිනමිණ පුවත් පතේ බද්දර මල්ල අතිරේකයට බොහෝ කලක සිට තීරු ලිපි ලියන බුද්ධදාස ගලප්පත්ති නම් රසවතා අප හිතවතෙකි. ඔහු එම අතිරේකයට ලියන ‘එදවස සොඳුරුම ය’ තීරය මා බොහෝ සේ සිත් ගත් තීරු ලිපියකි. ජීවන අද්දැකීම් බොහෝ සුන්දර ලෙස ඔහු එම තීරය හරහා පාඨක අපට සේන්දුකරවන්නේ හදවතේ ගැඹුරුම තැනට දැනෙන අයුරිනි.
පසුගිය අඟහරුවාදා (19) ඔහු විසින් ලියා පළකරන්නට යෙදුණු මුහුණුපොතින් මහ උළු ගෙදරට නම් ලිපි ය බොහෝ සෙයින්ම මට ද සමීප සිදුවීමක් ඔස්සේ රචනා කොට තිබිණි.
චූලාභය විදුහලේ ජල ව්‍යාපෘතිය, මුහුණු පොත යනු හරවත් යමක් කරන්නට කදිම ස්ථානයක් බව මොනවට පැහැදිලි කළ අවස්ථාවකි . බුද්ධි සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ ද නිවැරදිව සමාජ ජාලයක් භාවිත කළහොත් සමාජ වැඩ දායි කටයුතු කළ හැකි ආකාරයය. එසේම එහි තවත් පැත්තක් ද තිබේ.
එනම් වැරදි පුද්ගලයකුට මේ සමාජ ජාලය ඔස්සේ කූට ජාවාරම් ද ක්‍රියාවට නංවන්නට අවස්ථාව ඇති බවය. එවැන්නෝ නිවැරදිව හඳුනාගැන්ම ය අපහසුම කටයුත්ත ය. මෙවැන්නෝ නිතර සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් ගේ කීර්ති නාමයන් ඔවුන්ටත් හොරා අලෙවි කරති. එමගින් යටි මඩි ගසති.
සමාජ පිළිගැනීමක් ඇති සුන්දර මිනිසුන් නොදැනීම මොවුන් අතින් අලෙවි වෙති. මෙවැනි පුද්ගලයන් හඳුනා ගැන්ම එතරම් ම අපහසු ද නැත. ඔවුහු නිතරම සමාජයේ කැපී පෙනෙන කීර්ති නාමයක් හිමි පුද්ගලයන් සමග එකට ඉන්නා සේයා රූ සමාජ ජාලා ඔස්සේ විසුරුවා හරිති. බැලූ බැල්මට සෙල්ෆි මේනියා සේ පෙනුන ද ඔවුන් කරන්නේ කීර්තිධර පුද්ගලයන්ව අලෙවි කීරීමක් බව කිසිවකු නොදනිති. එහෙත් දන්නෝ දනිති. විනෝදාංශයක් ලෙස ප්‍රකට පුද්ගලයන් හා සේයාරු මුදාහරින්නන් ද සිටිති. ඔවුහු එම සේයා රෑ සමාජ ජාලා වෙත මුදා හැර අහිංසක සතුටක් ලබති. නමුත් නරි වෙස්ගත්තෝ කීර්තිධර පුද්ගල නාම විකුණමින් මුදල් ගරති. සමාජ සේවා වල නියැළෙති. එහෙත් කිසි දවසක ඔවුහු නිසි අය වැයක් හෝ එකතු වූ සම්පුර්ණ මුදලක් ගැන කිසිතැනක කතා නොකරති. මෙය යාව ජීව ආදායම් මාර්ගය කරගත්තෝ කවුරුන් ද යන්න හදූනා ගෙන දාන පාරමිතා පිරිම කාටත් අවැඩක් නම් නොවේ. එසේ නොවුණ හොත් වන්නේ දන් දුන් අයට තිසරණ සරණයි කියන්නට ය.
බුද්ධිගේ පැසසුමට ලක් වූ චූලාභය විදුහලේ කටයුත්ත ඇරඹෙන්නේ අපේ හිතවතියක් තම පළමු පත්වීම ලැබ එම විදුහලට යාමත් සමඟ ය. ඇය විසින් ඉදිරිපත් කරන ලද සේයා රූ කීපයක් දුටු තිස්ස ගුණවර්ධන ය අපි මේ පාසලට ජලය දෙමු යන යෝජනාව මුලින් ම ගෙන ආවේ ය. ඉන්පසු එයට ලියුම්කරුත් සත්‍යජිත් කන්නංගරත් පිටර් ජෙරමුත් එක් වෙයි. මේ සාර්ථක වැඩ සටහන දියත් වන්නේ ඒ අනුව ය. මේ අතර මේ කටයුත්තට විද්වත් වෘත්තිකයකු වන බණ්ඩාර විජේසුන්දර, ඉන්ද්‍රනාත තේනුවර, චින්තක රත්නායක, ප්‍රසන්න සේනපාල හා ප්‍රියන්ත අප්පුහාමිගේ දායකත්වය ඇතිව අති සාර්ථකව ව්‍යාපෘතිය නිමාවට පත්වන්නේ ය.
මුහුණු පොත හොඳය. කූට ජාවාරම්කරුවන්ද මෙහි සැරි සරන බැවින් නුවණැස යොදා කටයුතු කිරිම අප කළ යුත්තේය. ජාවාරම් කරුවාට සමාජ ජාලයක් යනු වඳුරාට ඉනිමන් බැඳිමක් වැනිය. එවන් නරියන් දුටු තැන හෙළිදරව් කිරිම මඟින් වන්නේ සමාජ යහපතකි. ඔවුන් ඔසවා තැබීම මගින් වන්නේ සමාජ ව්‍යසනයකි.
සාර්ථක ව්‍යපෘතියක් ඔබේ මානුෂීය හැඟුමින් ඇගයුමට ලක් කිරීම ගැන බුද්ධි ඔබට එහි සංවිධායක මඩුල්ල වෙනුවෙන්ම තුති පුදන්නෙමු.
තිසරණ සරණයි!
නලින් දිල්රුක්ෂ
Post a Comment