728x90 AdSpace

 


Facial For 2016 - මුහුණට නිසි සත්කාරයක් නොලැබුණි නම් මුහුණේ පැහැපත් බවක් මෙන්ම ආකර්ශණීය පෙනුමක් ඇති නොවෙයි. මේ නිසා මුහුණේ පැහැපත් බව, ලස්සන පෙනුම රැක ගන්නට නම් ඒ සඳහා සිදු කරන ෆේෂල් සත්කාරය වඩාත් වැදගත් වෙයි.
බොහෝ විට ෆේෂල් කිරීමේ දී එය සම අනුව සිදු කිරීම ඉතා වැදගත්. හේතුව එක් එක් අයගේ සම විවිධ ස්වභාවයන් ගන්නා නිසයි.


නමුත් මේ අතරින් සාමාන්‍ය සමක් ඇති අයකුට සමේ පැහැය ගෙනදෙන සාමාන්‍ය ෆේෂල් සත්කාරයක් සිදු කළ හැකියි.

මෙහි දැක්වෙන්නේ ද ඕනෑම සමක් ඇති අයකුට කළ හැකි ඩර්මා ප්‍රො ෆේෂල් එකයි.

 මෙම ෆේෂල් සත්කාරය සිදු කෙරෙන්නේ මොන ආකාරයෙන්ද?

මුලින්ම කළ යුත්තේ තෙත් කරගත් ස්පොන්ජ් එකකින් මුහුණ පිස දැමීමයි.



ෆේෂල් සත්කාරය කිරීමට පෙර පෙර මුහුණේ මේක් අප් ආදිය කර ඇත්නම් ඒවා ඉවත් කළ යුතුයි. ම්ක් අප් මුහුණේ තිබෙන විට අප ක්ලෙන්සර් කිරීමක් නොකරන නිසා පළමුව මේක්අප් ඉවත්කර ගත යුතුයි. අයි මේක් අප් එක මුලින්ම ඉවත් කරන්න.

* ඉන්පසුව බෙල්ලේ සිට උඩ අතට මුහුණ හොඳින් ක්ලෙන්සර් කරන්න. දෙවැනි වරටත් නැවත ක්ලෙන්සර් කරන්න. එවිට සම හොඳින් පිරිසුදු වේ.

* මුහුණ තෙතමාත්තුකර ඉන්පසු ටෝනර් කරන්න.

* මඳ වේලාවක් ස්ටීම් කරන්න. ස්ටීම් එක කරන අතරතුර ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් එක කිරීමේදී ස්ටීමර් එක සහ මුහුණට ඇති දුර ප්‍රමාණය වැදගත් වෙයි.

* මෙහිදී ස්ක්‍රබ් කිරීම අතින් කළ හැකි වුවත් අප මෙහිදී ඒ සඳහා යොදාගනු ලැබුවේ විශේෂිත උපකරණයකි.

දැන් ස්ක්‍රබ් එක ඉවත්කර මුහුණ පිරිසුදුකර තෙතමාත්තු කරගන්න.

* ඉන්පසු ටෝනර්කර බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩිස් ඇත්නම් ඉවත්කර ගන්න. මේ සඳහා වන බ්ලැක් හෙඩිස් වයිට් හෙඩිස් රිමුවර් ක්‍රීම් එක නාසය දෙපස තවරා ටිෂු එකක් නවා ඒ මත අතුරන්න. මෙය මිනිත්තු දහයක් පමණ තබා ගලවා ඉවත් කරන්න.

* මීළඟට ෆේස් මසාජ් එක ක්‍රමාණුකූලව සිදුකළ යුතුයි. මෙය කොටස් හතරකට අනුව සිදු කෙරෙයි. මෙය Petrisage ලෙස හඳුන්වයි.

* ඉන්පසු අයි මසාජ් එක සිදු කෙරෙන අතර මෙය කොටස් තුනකට අනුව සිදු කෙරෙයි. එය හඳුන්වන්නේ Tapatmoent වශයෙන්. අවසානයේ දී සිදුකළ යුත්තේ නිල ස්ථාන තෙරපීමයි.

* මසාජ් එකෙන් පසු ඇස් ආවරණයකර මුහුණට පැක් එක යොදාගන්න.

* මෙම ෆේස් මාස්ක් එක විනාඩි 15-20 ක් පමණ තබා ඉවත් කරන්න.

ඉන්පසු මුහුණ පිරි
සුදුකර ටෝනර් කරන්න.

ෆේෂල් එක අවසානයේ සන්බ්ලොක් ගල්වන්න.

මසකට වරක්වත් මෙවන් ෆේෂල් එකක් සිදු කරනවා නම් දිගු කලක් මුහුණේ පැහැපත් බව රැක ගන්නට ඔබට හැකිවේවි.

උපදෙස් - සැලෝන් චාන්දනී බණ්ඩාර

ඡායා - ශාන් රඹුක්වැල්ල

මංජුලා මල්කාන්ති

අරගත්තේ මෙතැනින්

Post a Comment

 
Top