728x90 AdSpace

 

ප්‍රවීණ ගායක යුව­ළක් වන රූකාන්ත චන්ද්‍ර ලේඛා දෙදෙ­නාගේ  දෙටු දිය­ණිය දැන­ට­මත් ජන­ප්‍රිය ගායි­කා­වක් ලෙස කර­ළි­යට ඇවි­දින් හමා­රයි. ඉතින් මේ පවුලේ බාල දිය­ණි­යත් සහ­ජ­යෙන්ම උරුම වූ හඬත් සමඟ ගායි­කා­වක් ලෙස කර­ළි­යට පිවි­සෙන්නේ කව­දා­දැයි දැන­ට­මත් බොහෝ දෙනා බලන් ඉන්නවා. මේ දින­වල ඇය මවු­බි­මට පැමිණ සිටිනා නිසා අපි 
රස­ඳුන පාඨ­ක­යන් වෙනු­වෙන් වින්ඩි­ගෙන් මේ ගැන අහලා දැන 
ගන්න සිතුවා.




වින්ඩි කෙහො­මද? හොඳින් ඉන්නවා. හොඳින් කිව්වාට දැන් ඔය ඉන්නේ ටිකක් බය වෙලා නේද? ඔව් ටික්ක විතර බය වෙලා නම් තමයි. හා හා පුරා කියලා පත්ත­රේ­කට කරන පළ­මු­වැනි ඉන්ට­ර්වීව් එක නිසාද? ඔව්. පළ­මු­වැනි වතා­ව­ටයි මං ගැන තනි ආර්ටි­කල් එකක් කරන්නේ. ඉතින් ටිකක් විතර බයයි මොනව අහ­යිද දන්නේ නැහැ නේ.. ආද­රේට වින්ඩි කිව්වාට සම්පූර්ණ නම අපි දන්නේ නැහැනේ? ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණ­ති­ලක. ලංකාවේ ප්‍ර‍විණ ගායක යුව­ළ­කගේ දුව වීම නිසා ටිකක් ආඩ­ම්බ­රෙන්ලු නේද ඉන්නේ? අනේ එහෙම නැහැ. ඒ දෙන්නා ගැන ලොකු ආඩ­ම්බ­ර­යක් තියෙ­නවා. මං ඒ දෙන්නාගේ දරු­වෙක් වීම ලොකු භාග්‍ය­යක්. දැන් මේ ඇවිත් ඉන්නේ නිවා­ඩු­වද? ඔව්. නුවර අපේ කොන්සට් එකක් තිබුණා. ඉතින් ඒක­ටත් එක්ක තමයි ආවේ. වින්ඩි ගේ ගාය­න­ය­ටත් ප්‍ර‍තිචාර ලැබෙ­නවා ඇති නේද? ගොඩක් අය කිය­නවා මට තියෙන්නේ අම්මි­ගෙයි තාත්ති­ගෙයි මික්ස් වොයිස් එකක් කියලා. සම­හර අය කිය­නවා තාත්ති ගේ කට හඬ වගේ කිය­ලත්. පුංචි­යට හිටපු කෙල්ල දැන් ලොකු කෙල්ලක් වෙලානේ? අපෝ නැහැ. දැන් මට දහ අටයි තවම මං පුංචියි. කොලේජ් පටන් ගත්තා විත­රයි. මොන අංශ­යෙන් ඉදි­රි­යට යන්නද වින්ඩිගේ බලා­පො­රො­ත්තුව? මියු­සික් තමයි දැන­ටත් මං වැඩි­දුර හදා­රන්න තෝර­ගෙන ඉන්නේ. ඒ කියන්නේ වින්ඩිත් පවුලේ ආරෙ­ටම යනවා වගේ? මං දන්නෑ මං කැමැති වුණත් නැතත් ඒ දේ වෙයි. ඒ කිව්වේ? අපේ අම්මියි තාත්තියි හරි කැමැතියි එහෙම වෙනවා නම්.. ගායි­කා­වක් වෙන්න වින්ඩිගේ වැඩි කැමැ­ත්තක් නැති පාටයි ? අනේ එහෙම නැහැ. කැමැති නිසානේ මං කොලේජ් එකෙත් මියු­සික් තෝර ගත්තේ. ඔය කියන්නේ ඇත්ත­මද? අනේ ඔව්. ඇත්ත­මයි. පොඩි කාලේ කැමැත්ත තිබුණේ වෙන දේකට නෙමෙ­යිද? ඉස්සර මගේ කැමැත්ත තිබුණේ මෙඩිසිං වලට. ස්කින් කෙයාර් පැත්තෙන්. නමුත් දැන් ඉන්ට්‍ර‍ස්ට් එකක් නැහැ. අක්කා නම් දැන් සෑහෙන ජන­ප්‍රිය ගායි­කා­වක් නංගි කව­දාද එහෙම වෙන්නේ? ඒක නම් දන්නේ නැහැ. මොකද මගේ කියලා තවම එක ගීත­ය­ක්වත් නැහැ නේ එහෙ­නම් දැන් තම­න්ගේම ගීත­යක් කියන්න හොඳම කාලේ නේද? තාත්ති හදලා දෙන­කම් තමයි මං බලන් ඉන්නේ. වින්ඩි කැමැති මොන ආරේ ගීත වල­ටද? මං එහෙම මුකුත් ඩිස­යිඩ් කරලා නැහැ. ඒ ගැන එක්ස්ප­රි­මන්ට්ස් කර­ලත් නැහැ. හැබැයි මං කැමැති ඩිෆ­රන්ට් ස්ටයිල්ස් සිං කරන්න. වින්ඩිගේ සිංහල නුහු­රුයි කියලා හිතිලා නැද්ද? මොකද නැත්තේ අනි­වා­ර්යෙන්ම හිතිලා තියෙ­නවා. මං ට්‍ර‍යි කර­නවා ඉගෙන ගන්න. අක්කා වගේ රංග­න­ය­ටත් එකතු වෙන්න නංගීට අද­හ­සක් නැද්ද? මං අකැ­මැති නැහැ. ඒත් ඉස්ස­ර­හට මොනවා වෙයිද කියලා කියන්න බැහැ. හෙට දවස ගැන තවම වැඩියේ හිතන්නේ නැහැ වගේ? ඔව්. මං ඉතින් තවම සෙල්ලම් වය­සෙනේ.. ඒ නිසා තීරණ ගන්න දේවල් ඔක්කෝම අම්මි තාත්තිට බාරයි. වින්ඩි වඩා කැමැති මෙහෙ ඉන්නද නැති­නම් විදෙස් ගත වෙන්නද? මෙහෙ ඉන්න. එහෙ­නම් මෙහෙ ස්ථීර පදිං­චි­යට එන්න අද­හ­සක් ඇති ? අනි­වා­ර­යෙන්ම. මගේ ස්ටඩීස් ඉවර වුණා­හම මෙහෙ එන්න තමයි හිතන් ඉන්නේ. නිවා­ඩුව ඉවර වෙන්න ළගයි නේද? ඔව්. මේ මාසේ 24 මම යනවා. මාස කිහිපයකින් ආපහු එනවා. ටානියා මෝසස් ඡායා­- ශයින් හසිත් වික්‍ර‍ම­නා­යක

Post a Comment

 
Top