හැබැයි දැන් මේ කියන්න යන්නේ ඊට කලින් සද්ද නැතුව කෙරීගෙන ගිය වැඩක් ගැන... ආකාර්ෂා චිත්‍රපටයේ ගීත ටික ඊට කලින් එළිදක්වන්න, කට්ටියක් සැලැස්මක් දාලලු. කවුද දන්නවද මේ වැඩේ මහා මොළ කාරයෝ. ඒ තමයි චිත්‍රපටයේ උපදේශක අධ්‍යක්ෂක සමන් විරමනුයි, චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුනෙත් මාලිංග ලොකුහේවයි. දන්නවනේ දෙන්නගේම හැටි... එසේ මෙසේ පොරවල් නෙමෙයිනේ. සිනමාවේ නමක් තියෙන වැඩ කරලා පෙන්නපු ඩබලක්. මෙයාලා කොහොම හරි නිෂ්පාදක මහත්වරුන්ව උනන්දු කරගෙන මේ වැඩේ ගජරාමෙට කරන්න සැලසුම් කරලලු.
මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක සම්මානලාභී දර්ශණ රුවන් දිසානායකලු. ඒ වගේම ගී පද රචනය කරලා තියෙන්නේ අමිල තේනුවර, බන්දුල නානායක්කාරවසම් සහ නන්දන වික්‍රමගේ යන මහත්වරු ටික තමයි. එතකොට ගායනයෙන් ඒ ටික හැඩ කරලා තියෙන්නේ උරේෂා රවිහාරියි, දුමාල් වර්ණකුලසුරිය සහ ශම්මිකා අමානි කියන තෙපොල විසින්. ඉතින් මේ මාසේ (පෙබරවාරි) තමයි, ඔන්න ඔය ආකාර්ෂා චිත්‍රපටයේ ගීත එළිදක්මේ මංගල්‍යය සිද්ධ වෙන්න යන්නේ.
දැක්කද අපි විස්තර ඔක්කොම හොයාගෙන ඉවරයි. සද්ද නැතුව හොරාට වගේ වැඩේ කරගෙන ගිහිල්ලා, එක පාරම ඇස් උඩයන්න එලියට දාන්න හිතාගෙන හිටියට මොකෝ අපෙන් හැංගිලා ඕවා කරනවා බොරු. කොහොම වුනත් සිනමාවට පායන්න යන අලුත් නිර්මාණයට අපි හදවතින්ම සුබ පතනවා, වගේම වැඩේ ගැන දිගටම අපි ඇහැ ගහගෙනමයි ඉන්නේ කියලා කියන ගමන්ම, මේ වැඩේ ගැන අලුත්ම තොරතුරු කාටත් කලින් අපෙන් තමයි කියලත් මතක් කරනවා...
Post a Comment