728x90 AdSpace

 

මෙයිට වසර එක හමාරකට උඩ දී රූපලාවන්‍ය ආයතනයක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය වෛද්‍ය පී ඒ ප්‍රියංගි මහත්මියගේ මරණය සම්බන්ධයෙන් මෙතක් කාලයක් මරණ සහතිකයක් නිකුත් නොකිරීම හේතුවෙන් සැමියා සහ දරු දෙදෙනා මහත් අපහසුතාව පත්ව ඇතැයි ඔවුහු පවසති.
කොළඹ 4 විශාකා පාරේ පිහිටි ලංකා කොස්මටික් සර්ජරි වෛද්‍ය ආයතනයේ රූපලාවණ්‍ය සඳහා වූ ප්‍රතිකාර ලබමින් සිටියදී එම වෛද්‍යවරිය මිය ගියේ 2014 අගෝස්තු මස 12 වැනි දින දී ය.
ඇයගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ සහතිකය නොලැබීම හේතුවෙන් පවුලේ අයිතිවාසිකම් හා ඇයට යුක්තිය ඉටුකර ගැන්මට මහත් බාධකයක්ව පවතින බව පවුලේ ඥාතීහු ඝෝෂාවට පැවසීය.
ඇයගේ මරණය සම්බන්ධයෙන් මේවන විට අධිකරණයේ බී වාර්ථාවක් මගින් නඩුවක් විභාගවෙමින් පවතින අතර යළි එම නඩුව කැඳවා ඇත්තේ ලබන ජූනි මස 16 වැනි දිනය.




මේ මරණය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තා පමාව හේතුවෙන් පවුලේ අයිතිවාසිකම් ලබාගැන්මට ඇති සියලු මං පෙත් ඇහිරී ඇතැයි මිය ගිය වෛද්‍යවරියගේ සැමියා වූ ගාමිණී චන්ද්‍රෙස්කර මහතා  පැවසීය.
මේ සම්බන්ධයෙන් 2015 මාර්තු 26 දින සිය ඉල්ලීම මත ජනාධිපති කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යවරයාටත් මේ පිළිබඳව දැනුම්වත් කර ඇතත් තමන්ට මෙතෙක් සහනයක් නොලැබුණු බවත් ඒ මහතා පැවසීය.
මේ මරණය සිදුවි වසර දෙකකට ආසන්න වී තිබුණ ද මරණය සම්බන්ධයෙන් වූ මරණ සහතිකය කඩිනමින් තමා වෙත ලබා දෙන්නට අදාළ බලධාරින් ගේ අවධානය යොමුකරවන මෙන් ඒ මහතා ඉල්ලා සිටියි. මෙම මරණ සහතිකය නොලැබීම හේතුවෙන් තම දරු දෙදෙනාගේ ඉදිරි වැඩකටයුතුවලටද මහත් ගැටලු ඇති වී ඇතැයි ඒ මහතා පවසයි.


Post a Comment

 
Top