තරුණ පෙනුමක් ලබාගන්න කොණ්ඩය කළු කරන අය බොහොමයි. නමුත් මේ අතරින් බොහෝ දෙනකුට නිවැරැදිව ඩයි එක තෝරා ගැනීම, නිවැරැදිව භාවිත කිරීම පිළිබඳ නම් හරි අවබෝධයක් නොමැති බව පෙනී යනවා.
මෙන්න මේ නිසයි ඇතැම් විට ඩයි භාවිතයේ දී නොයෙකුත් ආකාරයේ ගැටලුවලට මුහුණ පෑමට සිදු වෙන්නේ. බ්ලැක් හෙනා දැන් බොහෝ විට කියැවෙන නමක්. මෙය අර්ධ ස්ථිර ඩයි විශේෂයක්. මේ ගැන අප කතා කරන්නට සිතුවේ අදටත් ලංකාවේ වැඩි දෙනෙක් බ්ලැක් හෙනා සහ සාමාන්‍ය හෙනා අතර වෙනස නොදැන ප්‍රතිකාරයක් ලෙස සිතා බ්ලැක් හෙනා භාවිත කරන අවස්ථා තිබෙන නිසයි.
බ්ලැක් හෙනාවල මූලික දේ හෙනායි. නමුත් එහි රසායනික ද්‍රව්‍ය අඩංගුයි. මෙහිදී කිව යුත්තේ කිසිදු රසායනික ද්‍රව්‍යක් ප්‍රතිකාරයක් ලෙස සිතා භාවිත නොකළ යුතු බවයි. නමුත් නොදැන කරනු ලබන මෙම ක්‍රියාවලිය නිසා හිසකෙස්වලට අහිතකර බලපෑම් ඇතිවනවා. මෙහිදී කොණ්ඩය යාමත් පෙර පරීක්ෂණයක් නොකර භාවිත කිරීමත් නිසා අසාත්මිකතා ඇතිවන්න පුළුවන්. එමනිසා මෙම බ්ලැක් හෙනා භාවිත කිරීමේදී ඒ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.
මූලික වශයෙන් බ්ලැක් හෙනාවල රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා පැච් ටෙස්ට් එකක් කිරීම අනිවාර්යයි. මෙහිදී අසාත්මිකතාවයක් පෙන්වන්නේ නැත්නම් පමණක් ඩයි එකක් ලෙස එය කොණ්ඩය කළුකර ගැනීමට භාවිත කරන්න පුළුවන්.
කෙසේ වුවත් තාක්ෂණයේ දියුණුවත් සමඟම මෙම භාවිත කරන රසායනික ද්‍රව්‍ය අවම කිරීමට දැන් හැකිවී තිබේ. රසායනික ද්‍රව්‍ය අඩුවෙන් භාවිතකර පළමු ලෙසම හෝ වර්ණ ගැන්වීමට හැකිනම් එය අපට ලොකු වාසියකි. දැන් අඩුවෙන් රසායනික ද්‍රව්‍ය අඩංගුකර බ්ලැක් හෙනා නිෂ්පාදනය වන නිසා එහි හිතකර තත්ත්වයක් අත් විඳින්නට හැකි වී තිබෙයි. එනම් කෙස්වල වියළි තත්ත්වයක් ඇති නොවෙයි. කොණ්ඩය සුදුවීම අඩු කරයි. අධික ලෙස කොණ්ඩය යාම වළක්වා ගත හැකි අතර කොණ්ඩයේ අකීකරු ස්වභාවයක් දැඩි බවක් ඇති නොවේ. හිසකෙස් ඉතා වියළිව පැලෙනසුලු බවක් ඇති නොවේ.
බ්ලැක් හෙනා භාවිත කරන විට අඩුවෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු බ්ලැක් හෙනා භාවිත කිරීම නුවණට හුරු බව කිව යුතුයි.
එවිට ඉහත කී කිසිදු අහිතකර බලපෑමකට මුහුණනොදී කොණ්ඩය කළුකර ගැනීමට හැකිවෙයි. බ්ලැක් හෙනා භාවිතයේ දී සැලකිය යුතු ප්‍රධාන කරුණක් වන්නේ අඩු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබීම සහ විශේෂයෙන් ඇමෝනියා තිබේද යන්න ගැන සැලකිලිමත් විය යුතු වීමයි.
ඇමෝනියා අඩංගු වී ඇතිවිට හිස්කබලට සහ හිසකෙස්වලට ආසාත්මිකතාවයන් ඇති වීමේ ප්‍රවණතාවය වැඩිය. හිස කසන ගතිය, කෙස් යන ගතිය මෙන්ම කෙස් වැඩිපුර සුදු වීමත් විය හැකියි.
ඩයිවල ඇමෝනියා තිබීම කොණ්ඩය සුදු වීමට ප්‍රධාන හේතුවක් විය හැකියි. හිසකෙස්වල කියුටිකල් ඇමෝනියා නිසා විවෘත වෙයි.
එවිට කෙස් ගස් වියළීමකට භාජනය වීම සහ නඩ් අගය ද වෙනස් වෙයි. එබැවින් සැලකිල්ලට ගතයුතු විශේෂ කරුණක් වන්නේ ඇමෝනියා ෆී්ර නැත්නම් ඇමෝනියා රහිත බ්ලැක් හෙනා භාවිතයේ ඇති හිතකර භාවයයි.
ලෝකයේ දියුණු සෑම රටකම පාහේ ඇමෝනියා ෆී්ර රසායනික ද්‍රව්‍ය අඩුවෙන්ම ඇති බ්ලැක් හෙනා භාවිතය ඉතා ජනපි‍්‍රය වෙමින් පවතියි. එම නිසා කොණ්ඩය කළුකර ගැනීමේ දී බ්ලැක් හෙනා භාවිත කරන්නේ නම් ඇමෝනියා ෆී්ර රසායනික ද්‍රව්‍ය අඩුවෙන්ම ඇති බ්ලැක් හෙනා භාවිත කිරීමෙන් හිසකෙස්වලට සිදුවන අහිතකර බලපෑම් අවම කරගත හැකියි. එමෙන්ම එහි අඩංගු ස්වභාවික ගුණ අපට ලබාගත හැකියි.
බොහෝ විට කොණ්ඩය ඩයි කළ විට ඉන් තද කළු පැහැයක් කෘත්‍රිම පෙනුමක් ගෙන දෙන අවස්ථා දක්නට ලැබෙයි. නමුත් රසායනික ද්‍රව්‍ය අඩු හෙනා එක නම් ඉන් ගෙන දෙන්නේ ස්වභාවික කළු පැහැයයි. ඩයිවල මෙම වෙනස හඳුනා ගෙන එය භාවිත කරන්නේ නම් කොණ්ඩ ඩයි කිරීමේ දී ඔබට කිසිදු ගැටලුවක් මතු නොවේවි.
උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
ස්වීනීතා කොතලාවල
Post a Comment