නිරෝගී දිවි පෙවතක් පවත්වාගන යන්නට ස්වභාවික ආහාර හයකින් පුළුවන් බව ඔබ දන්නවාද?
ලේ ගමන විදිමත් කරන, අක්මාව, හෘදය, පෙනහළු හා වකුගඩු ක්‍රියාකාරීත්වය නිසි ආකාරයෙන් පවත්වාගන යන්නට මේ ආහාර හයට පුළුවන් බව බටහිර මෙන්ම දේශීය වෛද්‍ය අංශයන්ද පිළිඅරන් තියනවා. මේ ආහාර සොයාගැනීමත් ඉතාමත්ම පහසුයි.
1. දිනපතා පිරිසිදු වතුර ලොකු වීදුරු අටක් අවම පානය කරන්න. බොහෝ ලෙඩ රෝගවලට එය කදිම ඔසුවකි.
2.කොහොඹ කොළ
සතියකට අවම දෙතුන්වතාවක් හෝ උදේට කොහොඹ කොළ මිටක් තම්බා එම වතුර පානය කරන්න. රුධිරගත රෝගවලට දිව ඔසුවකි. එසේම හමේ ඇතිවන කුරුළෑ අළුහම් ආදි රෝගයන්ගෙන් මිදිමටද කදිම මගකි කොහොඹ කොළ පානය.
3. සුදු ලූනු
වකුගඩු ක්‍රියාකාරිත්වයට අවැසි එන්සයිම වඩවන ඖෂධයකි මෙය. දිනපතා සුදුලූනු බික් දෙකක් ටික ටික අනුභව කිරිම ප්‍රමාණවත්.
4. කොළ පැහැති එළවළු
ඔබේ ආහාර සඳහා නිතරම කොළ පැහැ එළවළු වර්ග එක් කරගන්න. හැකි තාක් දුරට මේ එළවළු පිසීමෙන් තොරව ගැනීම වැදගත්. පිසින්නේ නම් මද රස්නයෙන් පමණක් පිසින්න. ලෙඩ රෝග නසන මහා ගුනයක් මේ ආහාරවල ඇත. (බෘකෝලි, කොළ පැහැ ගෝවා, නිවිති, කංකුංයනාදියේ පිළිකා සෛල නසන ගුණ ඇත)
5. ග්‍රීන් ටී
අපි බොන සාමාන්‍ය තේකොළ වෙනුවට කොළ තේ (ග්‍රීන් ටී) තෝරාගන්න තරබාරුව මාංශ එල්ලා වැටිමට කදිම ඔසුවකි
6. බැසිල් කොළ
මෙය අපට තරමක් නුහුරු කොළවර්ගයකි. එහෙත් සුපිරි වෙළද සල්වලින් මිල දී ගත හැක. ඔබේ ආහාර වේල් සමග බැසිල් කොළ ස්වල්පයක් එක් කිරීමෙන් බැක්ටීරියා රෝග ආසාදනවලින් වැළකිය හැකිය. එසේම මුත්‍රා රෝගයන්ටද දිව ඔසුවකි. කෑම ප්රියතාව ඇති කරවයි. කෑම රසවත් කරවයි.
බලන්න මේ ආහාර සති දෙකක් අරගන වෙනස ඔබටම වැටහෙනු ඇත.
Post a Comment